භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Mugunumatha M.V

බ/මුගුණුමත මහා විද්‍යාලය

බදුල්ල කලාපය

  • Register
  • Login
Mugunumatha M.V

බ/මුගුණුමත මහා විද්‍යාලය

බදුල්ල කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

හිරු නොබසින අධිරාජ්‍යයේ පීඩනයට එරෙහිව නිදහසට ලැදි ලක් වැසිවැසියන් එක්ව කළ 1817/1818 නිදහස් අරගලය දෙසිය වැනි සැමරුම සිහි කරන ලද්දේ මෑතකදීය. එදා නිදහස් අරගලයට රොද බැඳ ගත් දෑහිතකාමී පිරිස දහස් ගණනකි. එහෙත් රටින් පිටුවහල් කළ පිරිස යුද්ධයේදී යටත් කරගත් හා යුද්ධයෙන් අනතුරුව අත්අඩංගුවට ගත් පිරිස පිළිබඳව සුදු පාලකයන් තැබූ වාර්තා හේතුවෙන් ඔවුන්ගේ නාමලේඛනයෙන් තිබුණද යුද්ධයේදී දිවි අහිමි වූ සෙසු විරෝධාර ශ්‍රී ලාංකිකයන් පිළිබඳව කිසිදු සටහනක් ඉතිරිවී නැත.

ඌව කැරැල්ල හෝ වෙල්ලස්සේ නිදහස් අරගලය ලෙස මෙම පිබිදීම හැඳින්වුවද ඒ සඳහා දායක වූ වැඩි පිරිසක් පැමිණියේ ඌව පළාතෙන් පමණක් නොව උඩරට රාජධානියට අයත් අනෙකුත් ප්‍රාදේශීය කලාප වලිනි. හත්කෝරළය, හතර කෝරළය, මාතලේ, සබරගමුව, තමන්කඩුව, වලපනේ, තුන්පනේ, හේවාහැට, බින්තැන්න, උඩ පළාත, නුවරකලාවිය, උඩුකිඳ, යටිකිඳ මැද මැදකිඳ, හාරිස්පත්තුව, දුම්බර, උඩුනුවර, යටිනුවර, වියළුව ආදී ප්‍රදේශවල දේශප්‍රේමීහු නිදහස් අරගලය වෙනුවෙන් මහත් කැප කිරීමක් කරන ලදී.

නිදහස් අරගලයේ නායකත්වය ඌව දිසාව පදවිය හෙබවූ රාජපක්ෂ වික්‍රමසේකර මුදියන්සේලාගේ බණ්ඩාරනායක මොනරවිල කැප්පෙටිපොල විසින් දැරූ අතර ඌවේ ප්‍රාදේශීය නායකත්වය දැරූ තල්දෙන මොහොට්ටාල, දන්ගමුවේ මොහොට්ටාල, නාගොල්ලේ මොහොට්ටාල, නෙලුදණ්ඩේ මොහොට්ටාල, පලාගොල්ල මොහොට්ටාල, හල්පේ මොහොට්ටාල, හිඳගොඩ මොහොට්ටාල හා වේවැල්හින්න රටේරාල ආදී බොහෝ මොහොට්ටාලවරුන් ඔහුගේ නායකත්වය යටතේ වසරකට වඩා පැවති අරගලයට දායකත්වය ලබාදෙන ලදී.

එසේ දිවි හිමියෙන් කැප වී කැප්පෙටිපොළ දිසාවේ අසලින් ම රැඳී සිට නිදහස වෙනුවෙන් දිවි දුන් මුගුණුමත මොහොට්ටාල 1817/1818 නිදහස් අරගලයේ දිවිහිමියෙන් කැපවූ ප්‍රාදේශීය පාලකයකි. මෙම ලිපියේ ප්‍රධානතම අරමුණ වනුයේ මුගුණුමත මොහොට්ටාල ගෙන් වෙල්ලස්සේ අරගලයට ලැබුණු දායකත්වය ඇගයීම හා ඔහු ජීවත් වූ සදාහරිත ගම් පියස බ්‍රිතාන්‍යයන් විසින් වතු වගාවට යොදා ගැනීම පිළිබඳව රසවත් සිද්ධීන් ගණනාවක විවරණයයි.

මුගුණුමත මොහොට්ටාල නිදහස් අරගලයට දායක වූ පිරිස වෙනුවෙන් ආහාරපාන ඇතුළු පහසුකම් සැපයීමේ පුරෝගාමියකු විය. අනෙකුත් ප්‍රාදේශීය මොහොට්ටාල වරුන් සමග එකතුවී මුගුණුමත ආසන්නයේ ඇති කඳුවැටිය හරහා ඇටම්පිටිය ප්‍රදේශයෙන් යා වී තිබූ බ්‍රිතාන්‍ය හමුදාවන්ගේ සැපයුම් මාර්ගය අවහිර කිරීමට ක්‍රමානුකූලව සිදු කර තිබුණි.

මෙසේ අප්‍රතිහත ලෙස නිදහස් අරගලයේ දී ක්‍රියා කළ මුගුණුමත මොහොට්ටාල පිළිබඳව බ්‍රිතාන්‍ය පාලනය තැබූ වාර්තාවේ සඳහන් පරිදි 1818 නොවැම්බර් මස 14 දිනැති විශේෂ නියෝගය පරිදි බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව ක්‍රියාශීලීව කටයුතු කළ ඔහු කැරලි කරුවෙකු ලෙස නම් කොට ඔහුගේ පවුලේ සාමාජිකයන් සතුව තිබූ සියලු චංචල හා නිශ්චල දේපළ රාජසන්තක කරන බව නිවේදනය කරන ලදී.

නිදහස් අරගලයේ දී බ්‍රිතාන්‍ය පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි උනම්බුවේ බත්වඩන නිලමේ අල්ලාගෙන කැප්පෙටිපොළ මහ දිසාවේ හමුවට රැගෙන එන ලද්දේ මුගුණුමත මොහොට්ටාල ඇතුළු කණ්ඩායම විසිනි. කැප්පෙටිපොළ මහ නිළමෙට ඉතා සමීපව කටයුතු කළ මුගුණුමත මොහොට්ටාල ඔහුගේ විශ්වාසය දිනගත් ප්‍රාදේශීය නායකයෙකු විය. ඔහුගේ හදා පුත්‍රයා (කුඩා මුගුණුමත) බෑනා සහ තවත් හතළිස් දෙනකු අත්අඩංගුවට ගත් පිරිසට අයත් විය. ඔවුන් සියලු දෙනාම පාහේ යුද්ධයෙන් පැවැත්වූ හමුදා අධිකරණයෙන් වරදකරුවන් කොට මරණ දඬුවම් පනවන ලදී.

මේ පිළිබඳව ලේඛන දෙකක් කොළඹ රාජ්‍ය ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අංක (6/548/2.46/548/1:33) හා (6/548/2:241) යටතේ තවමත් පවතී. මුගුණුමත මොහොට්ටාලගේ සමකාලීනයන් වූ ගොඩේගෙදර අදිකාරම් හා රඹුක්පොත මොහොට්ටාලට අයත් ව තිබූ නිවාස වල නටබුන් හා ආදී පරම්පරාවේ මී මුණුපුරු මිණිපිරියන් අදටත් දැකිය හැකි වුවත් මුගුණුමත මොහොට්ටාල පිළිබඳව කිසිදු හෝඩුවාවක් ඉතිරි නොකොට සම්පූර්ණයෙන්ම අකා මකා දමා විනාශ කොට තිබුණේ ඔහු ඇතුළු පිරිස අරගලයේ දී දැක්වූ දායකත්වය දරුණු වූ බැවිනි. අද වන විට හාලිඇල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම සේවා වසම් දෙකක් මුගුණුමත නමින් පවතී. ඒ මුගුණුමත නැගෙනහිර 73-B සහ මුගුණුමත බටහිර 73-C යන කොට්ඨාසයන්ය. එයට අමතරව ප්‍රදේශයේ ගොඩනැඟූ පාසල 1965 වසරේදී මුගුණුමත නමින් නම් කරනු ලැබීය.

මුගුණුමත මොහොට්ටාල පාලනය කළ ගම්මාන සමූහය පිහිටා තිබුණේ බදුල්ල දිස්ත්‍රික්කයේ යටිකිඳ කලාපයට අයත් බදුලු ඔය දෙපස වූ සරුසාර කෙත්වතු සමූහයකට ආසන්නයෙනි. මහනුවර රාජධානියේ අණසකට නතු වී තිබූ මුගුණුමත ගම්පියසේ බොහෝ දෙනෙකු උඩරට රාජ්‍යයේ තනතුරු දැරූවන් ය. 1817/1818 අරගලයට පමණක් නොව 1630 අගෝස්තු මස 25 දින රන්දෙණිවෙල පැවති සටනට පවා සෘජු දායකත්වයක් ලබාදුන් මුගුණුමත වැසියන් විවිධ ප්‍රදේශ වලින් ගෙනා යපස් උණුකොට යුද්ධයට අවශ්‍ය ආයුධ පවා නිපදවූ බව ජනප්‍රවාද වල සඳහන් ය.

මුගුණුමත නමින් එදා හැඳින් වූ ප්‍රදේශය අද හඳුන්වන්නේ උඩුවර නාමයෙන්ය. උඩු-වෙහෙර යන නම කෙටි වී උඩුවර යන්න භාවිතයට පැමිණි බව ජනප්‍රවාදයේ සඳහන් වුවත් යටත් විජිත ලේඛන පරීක්ෂා කිරීමේදී බ්‍රිතාන්‍ය වැවිලි කරුවන් විසින් මෙම ප්‍රදේශයේ 1870 ආරම්භ කළ වැවිලි සමාගම Oodoowerre ලෙස සන්නාම කර තිබුණි. එහි අයිතිකරු W.B.Smith නැමැත්තා 1880-1881 වකවානුවේදී කටයුතු කර ඇති බව වැවිලි ලේඛන වල දැක්වේ. 1927 දී එම සමාගම UDUWARA ESTATE ලෙස නම් වෙනස් කර ඇත.

උඩුවර ගම්මානයේ ඉතිහාසය අතීත වළගම්බා රජ සමය දක්වා දිවයන්නකි. එනම් ක්‍රිස්තු පූර්ව 103 සිට ක්‍රිස්තු වර්ෂ 77 දක්වා වූ කාලයයි. සොලී ආක්‍රමණයන් නිසා අරාජික වූ අනුරාධපුර රාජධානිය යලිත් ගොඩ නැගීම සඳහා වසර විසිහතක් මධ්‍යම, ඌව හා දකුණු පලාත් වල සැඟවී සේනා සංවිධානය කළ වළගම්බා රජතුමා කාලයක් නතර වී සිටි ප්‍රධානතම ස්ථාන දෙකක් වූ බෝගොඩ රජමහා විහාරය හා දෝව රජ මහා විහාරය යන ස්ථාන දෙක අතර ගමන් කර ඇත්තේ උඩුවර ගම්මානය දිගට පිහිටා ඇති බදුලු ඔයේ මිටියාවත හරහා ය.

ඉන් අනතුරුව උඩු පර ගම්මානය පිළිබඳව සටහන් වන්නේ මහනුවර රජ සමයේ දෙවන රාජසිංහ රජුට පෙර වන රාම රජ කළ පෙර රාම රජ කළ සෙනරත් රජතුමාගේ කාලයේ එනම් එක් 1604 සිට 1634 අතර කාලය තුළ පෘතුගීසීන්ට එරෙහිව රන්දෙනිවල දී කළ ඓතිහාසික සටනනේදී මහනුවර මහියංගනය ඔව් ගොඩ වියලුව ආදී ප්‍රදේශවලින් සටන සඳහා එක්වූ හමුදාවන්ට උඩුවර ගම්මානවලින් විශාල පිරිසක් සහභාගී වූ බව සඳහන් වේ. බදුල්ලෙන් පිටත් වූ එම සේනාවෝ වැලිකේමුල්ල, කඳන, බැද්දේගම, ගොවුස්ස, බල්ලකෙටුව, ඇල්ල දුර්ගය හරහා රන්දෙනි වලට එකතු වන විට එම හමුදා ජයග්‍රහණයට උඩුවර මුගුණුමත ජනතාව ද දායක වී තිබුණි.

සෙනරත් රජුගේ ඇවෑමෙන් මහනුවර රජ වූ දෙවන රාජසිංහ රජු (ක්‍රි:ව 1634-1686) මෙම ප්‍රදේශයේ සංචාරය කළ බවට පුරාවෘත්ත වල සඳහන් වේ. එහිදී දැනට මැද්දෙගොඩ නමින් හඳුන්වන වෙල්යාය ආසන්නයේ දී රජතුමා අහසේ පියාසර කුරුල්ලෙකුට තම දුන්නෙන් විද බිම දැමූ බව කියැවෙන කතාවක් උඩුවර සුධර්මා වාස පිරිවෙන් විහාරස්ථානයේ අධිපතිත්වය දරන උඩුවර සෝමානන්ද හිමියන් ද වරෙක ප්‍රකාශ කරන ලදී.

මුගුණුමත මොහොට්ටාල නම් මෙම ගම්මානය පාදක කොටගෙන පාලනය හවුල් වූ බැවින් කාලයක් මෙම ප්‍රදේශය මුගුණුමත ලෙස හැඳින් වූ අතර විතාන ණ්‍ය පාලන සමයේ ද මේ ප්‍රදේශයේ මුගුරු මත ලෙස ඔවුන්ගේ සිතියම් වල දැකිය හැක.

1855 සිට 1860 දක්වා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ (Sir Henry Ward) සර් හෙන්ද්‍රික් mod හෙන්ද්‍රික් mod 1858 විසින් උඩුවර වතුයායේ රෝපණය කර තිබූ කෝපි වගාව නිරීක්ෂණය කළ බව Ceylon Plantation Gazette හි සඳහන් ය. ඉටුකර සාර්ථකත්වය පිළිබඳව ඔහු උද්දාමයෙන් සිටි බව අදාළ වාර්තාවේ දැක්වේ. කෝපි පමණක් නොව කුරුඳු කොකෝවා හා රබර් වගාවන් ද උඩුවර ප්‍රදේශය ආශ්‍රිතව අත්හදා බැලූ අතර මෙම ශාකයන් ප්‍රදේශයේ බොහෝ ස්ථානවල අද ද දැකිය හැක.

1890 සිට 1895 දක්වා ශ්‍රී ලංකා 17 වන බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ කළ සර් sir ආතර් හැවුලොක් (Sir Arthur Havelock) 1891 ජනවාරි මස 27 වන දින උඩුවර ගම්මානයට පැමිණි බව Colombo to Nuwara Eliya කෘතියේ 'H.E. the Governor on tour' නමින් සටහන් කර ඇත.

"on the afternoon of 27th january 1891" the governor drove from badulla to Bandarawela. the journey is one of the miles some miles sometimes of the road in being very stp for the rise all together in from 2014 07 fields lessons Bandarawela rest house.

the first part of the road is level and kind of nearly 2000 feet in particle in less than for miles during and after an afternoon drive make wonderful difference in climate as governor will be have realized. Along the first part of the road out of badulla". sir අතහැරලා will see many evidence of copy not been dating you wrote the planning methods and leaf plot size chart patterns little roadside church at rs steel cultivation steps on the road side" one of the first opened in uva and fall of memories of early pioneers" is but a shadow of its former greatness'

ඉහත වාර්තා දෙකට අමතරව ලෝ ප්‍රකට දේශාටන ලේඛිකාවක වූ C.F.Gordon-Cumming" මෙනවිය 1892 දී ප්‍රකාශනයට පත් කරන ලද "Two Happy Years in Ceylon" කෘතියේ ඇය උඩුවර හරහා බදුල්ල දක්වා කළ සංචාරයේ තොරතුරු කදිමට විස්තර කර තිබේ.

Descending the pass by steep zigzag road and following the course of a river fringed with luxuriant clumps of bamboo"

"we came to Oodawera" a pretty and hispitable home" further the embellished by a number of potato-trees which I have already mentioned" are really gorgeous trees" robed in purple and gold-that is to say" they are loaded with blossoms like our brightest Potato-flowers" only three times as big "This was in the month of August"

1911 ඉදියි ජනගහන සංගණනයේදී මුකුළු මත ගම්මානය ගණනය කර ඇත්තේ බෝගොඩ කෝරළයේ ගම්මානයක් ලෙසිනි. එයට යාබදව තිබූ ගම්මානවන්නේ දඩුගල්ල, කයිරත්ගම මැද්දෙගොඩගම, ආදාවලගම, ගෙදරකුඹුර හා වත්තේ පංගුවයි. මෙම ගම්මානවල නිවාස 185 ක් තිබී ඇත. 1921 දී කළ ජනගහන සංගණනයේදී මෙම ප්‍රදේශය Uduvara ලෙස නම් කර තිබුණි. මෙම ගම්මාන වල නිවාස 275 ක් තිබී ඇත.

කඳුකරයෙන් වට වූ පැරණි සිංහල ගමක අසිරිමත් ස්වර්ණ වර්ණනාවක යෙදෙන ප්‍රකට ලේඛකයකු වූ මාගම් තෙන්නකෝන් සූරීහු උඩුවර ගමේ අතීත සබැඳියාව මෙන්ම ගැමි සිරිය ද මනාව උද්දීපනය කරති. උඩුවර පුරවර පිළිබඳව ගැමි දිවි වර්ණනාව තුළින් තම අතීත අත්දැකීම් ආවර්ජනය කර තිබුනේ ඔහු විසින් විසින් රචිත "දිවි සයුරෙන් දිය දෝතක්" නම් කෘතියෙහි ය. 1960 ජුනි මාසයේ සිට 1961 මැයි මාසය දක්වා උඩුවර sri ශ්‍රී සුධර්මා වස පිරිවෙනාස පිරිවෙන් විහාරස්ථානයේ ගුරුවරයකු ලෙස කටයුතු කළ කාලයේ ජීවත් වූ උඩුවර ගම්මානය පිළිබඳව මනරම් සටහන් ගණනාවක් එම කෘතියෙහි තබා තිබේ.

උඩුවර වූ කලී සොරණාතොට මැතිවරණ කොට්ඨාසයේ පිහිටි ඉපැරැණි සිංහල ගම්මානයකි. එහි බොහෝ පිරිමි බණ්ඩලාය. බොහෝ පිරිමි මැණිකේලාය. මී රා වලටද, මහ රා වලට ද මදිනු ලබන උසට උස කිතුල් ගස් ද, කිතුල් රැහැන් මෙන් දිගම දිග කොණ්ඩා ගොතාගත් පටු  නළලැති ගැමි ළඳුන් ද මෙම ගමට අමුතු ආලෝකයක් දෙතියි පළමු දින දෙක තුනේදී මගේ සිතෙහි ඇඳුනු රූපයකි. ඔවුන්ගේ කතාබහ ද ඇඳුම් ආයිත්තම් ද මට තරමක් අමුතුය. ඔවුන්ගේ පරපුර ගැන කියවෙන දිගු වාසගම් කාහටත් පාහේ තිබුණි.  ඔවුහු එම පරපුර ගැන මහා ඉහළින් සිතූහ. නවීන අධ්‍යාපනයක් නොලද බා්හෝ දෙනෙකුට බොරු මන්නක්කාරකම් ද තිබුණි. එහෙත් ආගන්තුක සත්කාරය අතින් ඔවුහු ඔවුහු පහත රැටියන්ට වඩා ඉහළ තලයක ජීවත් වූහ.

හාලිඇල මැතිවරණ කොට්ඨාසයට අයත් දෙහිවින්න, බෝගොඩ හා රිල්පොල කෝරල තුනෙන් උඩුවර පිහිටා ඇත්තේ බෝගොඩ කෝරළයේය. 1976 දක්වා සොරණාතොට මැතිවරණ කොට්ඨාසයට අයත් වී තිබූ උඩුවර ගම්මානය 1977 වර්ෂයේ පටන් හාලිඇල නමින් හැඳින්වූ නව මැතිවරණ කොට්ඨාසයට අයත් විය.

මෙසේ ඉතිහාසගත තොරතුරුවලින් පෝෂණය වූ උඩුවර පිහිටි මහා පිරිවෙන පිළිබඳව මාගම් තෙන්නකෝන් සූරිහු තබා ඇති සටහන මෙසේය.

සුධර්මා වාස පිරිවෙන හාලිඇල උඩුවර වැලි මිටි වගුවක පිහිටියේය. ඉතා අලංකාර පරිසරයකි. උඩුවර ගම්මානයට තිබූ ලොකුම අඩුපාඩුව වූයේ අධ්‍යාපනයයි. එබැවින් අධ්‍යාපන පීඨයක් උඩුවර ආරම්භ කොට එය මනා පාලනයකින් පවත්වාගෙන ගිය උඩුවර සීලරතන හිමිට බදුලු බන්ඩාරවෙල පෙදෙසේ ජනතාව මහත් බුහුමන් දැක්වීය. ඡවි වර්ණයෙන් රූප ප්‍රභාවත් බවින් එතුමා හෙබි බැවින් එතුමාට බුහුමන් දැක්වූ පිරිස අතර වතු පාලකයෝ ද, රජයේ ඉහලම නිලධාරීහු ද වූහ.

පිරිවෙන පසුකොට රිය පදවන බොහෝ දෙනෙකු තම රථය මාර්ගයෙ නවතා දෑත් ඔසවා පිරිවෙනට වැඳුම් කරති. මෙවැනි වැදඳුමක් විද්‍යායතනයකට කෙරුණු මා දුටු ප්‍රථම අවස්ථාව මෙයයි. දැනුම පිපාසයෙන් පීඩිත වන ඌව පළාතට එම පිපාසය තරමක් හෝ සංසිඳවීමට පිහිටුවන ලද විශ්වවිද්‍යාල පිරිවෙනට ජනතාව බුහුමන් කළහ. කිසිදු ආගමක් නො අදහන නමුදු සියලු ආගම් වලට ගරු කරන මම දැන සිටි සියලුම සඟුන්ට වඩා සීලරත්න හිමියන්ට ගරු කරමි.

මාගම් තෙන්නකෝන් සූරීන් සඳහන් කළ සියලු කාරණා සත්‍ය බවින් යුතු ඒවා ය. එනම් දිගු වාසගම් සහිත පෙළපත් සහිත පුද්ගලයන් ගණනාවක් උඩුවර ගමෙහි ජීවත් වේ.ඔවුහු සියලු දෙනාම මහනුවර රාජධානියේ නිලයන් දැරූ පරම්පරාවේ වත්මන් සාමාජිකයන්ය. රත්නායක මුදියන්සේලාගේ, දිසානායක මුදියන්සේලාගේ, ඒකනායක මුදියන්සේලාගේ, බස්නායක මුදියාන්සේලාගේ, සමරකෝන් මුදියන්සේලාගේ, තෙන්නකෝන් මුදියන්සේලාගේ, ගොඩකන්ද, සූරියආරච්චි, නවරත්න මුදියාන්සේලාගේ, මැණික් හිටිහාමි මුදියන්සේලාගේ, විජයරත්න මුදියන්සේලාගේ, අබේසේකර මුදියන්සේලාගේ, අත්තනායක මුදියන්සේලාගේ, වීරසිංහ මුදියන්සේලාගේ, වික්‍රමසිංහ මුදියන්සේලාගේ ආදී කොට ගත් පිරිසට අමතර රැකියාවන්, වෙළඳාම හා ආවාහ විවාහ කටයුතු නිසා උඩුවර ගම්මානය හා එකතු වී විශාල පිරිසක් සිටිති.

1815 උඩරට ගිවිසුම මගින් බ්‍රිතාන්‍යයන් උඩරට බාරගත් පසු උඩරට රාජධානියේ රාජකාරි කළ සියලු නිලයන්ගේ කටයුතු අඩපණ වූ අතර ඒ හා සම්බන්ධව වූ පිරිස උඩුවර වැනි ගම්මාන වල ස්ථිර පදිංචිකරුවන් විය.

1960 පසු උඩුවර ගම්මානය ආදී ප්‍රදේශ සම්පූර්ණයෙන්ම තේ වගාවන්ට නතුවිය. 1920-1924 කාලය තුළදී තුළදී දුම්රිය මාර්ගය බණ්ඩාරවෙල සිට බදුල්ල දක්වා ගොඩ නගන ලද්දේ උඩුවර ගම්මානය හරහා ය. එසේම බෙරගල සිට හාලිඇල දක්වා වූ A16 ප්‍රධාන මාර්ගයද උඩුවර ගම්මානය හරහා පුළුල් කරන ලදී.

1886 දක්වා උඩුවර ගම්මානය අයත් වනුයේ මධ්‍යම පළාතට ය. 1886 ඌව පළාත නිර්මාණය කරන විට උඩුවර ගම්මානය යටිකිඳ කොට්ඨාසයට අයත් ගම්මානයක් ලෙස නම් කරනු ලැබීය. යටිකිඳ කොට්ඨාසයට බෝගොඩ, රිල්පොල, කුඹල්පොල, පස්සර ආදී ප්‍රදේශ නම් කරන ලද අතර උඩුකිඳ කොට්ඨාසය ලෙස ඔහිය, හපුතලේ ආදී ඉහළ ඌවට අයත් ගම්මාන වෙන් කරන ලදී.

මෙසේ ඉතිහාසගත තොරතුරුවලින් පෝෂණය වූ උඩුවර ගම්මානය තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රකට පුද්ගලයන් ගණනාවක් නිර්මාණය වී ඇත. 1906 ඉපිද 1930 සිට 1960 දක්වා බෝගොඩ ගම් සභාවේ වසර තිහක් සභාපති පදවිය දැරූ S.B.  ඒකනායක මහතා එවැනි පුද්ගලයෙකි. එතුමා 1960 ජූලි මාසයේ සොරණාතොට මහජන මන්ත්‍රීවරයා ලෙස තේරී පත් විය. ඔහු අදාල දශක හතක කාලය තුළ තම ප්‍රදේශයේ සංවර්ධන කටයුතු ගණනාවක් කර තිබේ. උඩුවර ප්‍රදේශයේ එවකට පිහිටවූ පාඨශාලාවට ඔහුගේ නම යෙදීම උචිත බව යෝජනා වූ අවස්ථාවේ එයට එකඟ නොවූ එස්. බී. ඒකනායක මහතා තමාගේ නම වෙනුවට කාලයක් ප්‍රදේශය තුළ පාලනය හෙබවූ මුගුණුමත මොහොට්ටාලවරයාගේ නම එම විද්‍යාලයට යෙදුණු ලැබීය. 1965 ආරම්භ කළ එම පාසල අද හඳුන්වන්නේ මුගුණුමත මහා විද්‍යාලය නමිනි. දෙවන පුද්ගලයා වූයේ 1977 සිට 1988 දක්වා හාලිඇල පාර්ලිමේන්තු මන්ත්‍රී හා මොනරාගල දිසා ඇමති වරයා වූ ආර්. එම්. අබේකෝන් බණ්ඩාර මහතා ය. තුන්වන පුද්ගලයා හිටපු මැතිවරණ කොමසාරිස් දයානන්ද දිසානායක මහතා ය. උඩුවර ගමේ මුගුණමත විද්‍යාලයේ විදුහල්පතිවරයා වූයේ ඔහුගේ පියාය.

මාගම් තෙන්නකෝන් සූරීහු උඩුවර ගම්මානය ආශ්‍රිත පරිසරය ද මනාව රසවත් ආකාරයෙන් විවරණය කර තිබේ. වැහිපොද හා මිශ්‍ර වුණු සිහින් සිනිඳු සේවයක් one වන මිහින් දුන් සළුවකින් මුළු පෙදෙසම වැසී ගොසිනි. කුඹුරු වල ගෝවා, ලීක්ස්, සලාද, බීට් වගාවට කාලගුණය ඉතාමත් හිතකරය. දෙමෝදර පසු පසු කරන විට මෙම එළවළු වගාවන් පාර දෙපස ඇති කුඹුරු වල සරුසාරෙට වැඩෙන අයුරු බලා ගත හැක. හතර වටේ පෙනෙන තෙක් මානයේ ඇත්තේ තේ වතුය. පිරිවෙනට යාබදව ගම්මානයකි. කඳු බෑවුමක පිහිටි ගම්මානය අවට කැලෑව පෞරාණික වන ගහනය වැවිලි කාර සුද්දන් විසින් කපා හෙළා පළමුව කෝපි ද මෙම වගාව 1880 ගණන් වල දී රෝගයකින් විනාශ වූ පසු තේ වැවූහ.

හාලිඇල පෙදෙසේ කණ හිරියා වැස්සද, උල්දිය මතුවන පොළොව ද තරමක කරදරයක් විය. මම ද මෙම කරදරයෙන් මිදී ඇඟපත වෙහෙසවා ගැනීමට නිවස ඉදිරිපස පර්චස් 10ක පමණ ඉඩම් ප්‍රමාණයක එළවළු වැවීමට පටන් ගතිමි. බටර්, බෝංචි, හීන් තක්කාලි හා බීට් රූට් මේ එළවළු අතර තිබුණි. වැඩිපුර සාත්තුවක් නැතිවම එළවළු අගේට වැවෙයි. ග්‍රෑම් 500 බීට් රූට් අල බැසෙයි. කිතුල් හකුරු වලින් හා කිතුල් පැණි වලින් ද අඩුවක් නැත.

නේවාසිකයන් සඳහා ඔවුන්ගේ නෑ මිතුරන් විසින් ගෙන ආ රස කැවිලි වලින් කොටසක් මට ද ලැබුණි. කිතුල් පැණියෙන් පිසූ කොණ්ඩා කැවුම්, කිරි රොටී, ඉඹුල් කිරිබත් මේවා අතර විය. කැළෑවේ වැවෙන වැලිපියන්නා, මොර, බටදොඹ ආදී පලතුරු වර්ගද, වතු අධිකාරිවරුන් ගෙන් ලැබුණු ඊයම් දවටන ලද ගෝල්ඩන් පොකෝ තේ පැකට්ටුව ද මට ලැබුණි.

උඩුවර ප්‍රසිද්ධ වී ඇත්තේ ලංකාවේ ඇති උසම දුම්රිය පාලම් වලින් එකක් උඩුවර හා හාලිඇල දුම්රිය ස්ථානයන්ට මැදිව පිහිටා ඇති බැවිනි. එසේම මෙම අපූර්ව දුම්රිය පාලම ඉදිකළ ප්‍රධාන ඉංජිනේරුවරයා වූ බ්‍රිතාන්‍ය ජාතිකයා 1923 පාලම ඉදිකරන අතරතුර එයින් වැටී මිය ගිය බව ඉතිහාස ගත තොරතුරුවල සඳහන් වේ.

මුගුණුමත විද්‍යාලයටත්, උඩුවර මහා විද්‍යාලයටත් සුධර්මාවාස පිරිවෙන් විහාරය හා උඩුවර පුරාණ විහාරයට මැදිව පිහිටි ගම්මාන සමූහය සොබාව සෞන්දර්යේ අපූරු නිමැවුමක් ලෙස නවීකරණය හා ගැටෙමින් අදටත් මනස්කාන්ත චිත්ත රූප වලට තෝතැන්නක් වෙමින් වැජඹෙනු දැකිය හැකිය.

____________________________________________________________________________

 ආශ්‍රිත ග්‍රන්ථ :

1818 ජාතික නිදහස් අරගලයේ පුරෝගාමියෝ.
(Pioneers of the first independent struggle 1818)
Manathunga Bandara, Manathunga, Anura (2011) ISBN
97895597237-4-5

දිවි සයුරෙන් දිය දෝතක්. මාගම් තෙන්නකෝන්
S Godage Publishers
(Colombo 1992 ISBN (9552007313)

Ceylon Plantation Gazette 1960

"Two Happy Years in Ceylonz Gordon Cumming" C"F" New York" Charles Scribnerzs Sons" 1892
Manual of Uva by Herbert White 1893 Ceylon Government Printer Colombo

Colombo to Nuwaraeliya VIA AFFNA"
TRINCOMALEE" BATTICALOA. BADULLA AND THE HAPUTHALE RAILWAY EXTENSION A.M) i' FERGUSON 1891

 

____________________________________________________________________________

 

- නිමල් බණ්ඩාර -
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Mugunumatha M.V

බ/මුගුණුමත මහා විද්‍යාලය

බදුල්ල කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • 5th Mile Post, Uduwara, Hali-Ela

: (+94)0784488131

: [email protected]

Supported By

© 2026 Mugunumatha M.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk