ශ්‍රී ජය ජය වේ ...
මේ නව අරුණෝදේ ...
ලබැදි මුගුණුමත විදු මව්නි ...
හා ... හා ... හා ... හා ...හා ...
සුපිපි නබෝ ගැබ - සරා සඳයි ඔබ
නුවන් පහන් කරනා ...
මුදු දිය දහරක් සේමා ...
මුදු මඳ පවනක් සේමා ...
බදුලු නදී කොමළිය සිහිලැල්ලේ
කදු රැල්ලේ සුව යහනේ //
නිවා නිවා නැණ පවස අපේ
සදයි දැයේ උරුමේ //
බුද්ධි ප්‍රභාවය ඥාණාලෝකය
හෙට ඉදිවන නව ලොවට පුදන්නට //
සිරි සරසවියගේ වරම් ලබා
නුවන් පහන් වේවා ... //