1965.01.01 දින ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ, උඩුවර මුගුණුමත නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ පිහිටුවන ලද අප පාසල දැයේ දරුවන්ගේ නැණ පහන් දල්වමින් බදුලු ඔයට මුහුණලා ඉතා මනරම් කඳු ගැටයක විරාජමානව පහන් දල්වමින් සිටී.
ළමුන් 16 දෙනෙකු සහ ගුරුවරුන් එක් අයෙකුගෙන් ආරම්භ කරන ලද පාසලේ මුල්ම විදුහල්පතිවරයා වූයේ W.R.M. තිලකරත්න වෑතලාව මහතා වේ.ඒවක කනිෂ්ඨ විද්‍යාලයක් වූ අප පාසල අද වන විට මහ විද්‍යාලයක් බවට පත්වී ඇති අතර අ.පො.ස උ/පෙළ කලා, වාණිජ්‍ය විෂයන්ගෙන් මෙන්ම 13 වසරක වෘත්තීය අධ්‍යාපන වැඩසටහනද ක්‍රියාත්මක කරන කීර්තිමත් පාසලක් බවට පත්ව ඇත.
2015 වර්ෂයේ ජාතික ඵලදායිතා තරඟාවලියෙන් විශිෂ්ඨ කුසලතා සහතිකයක් හිමිකරගත් අප පාසල 2018 වර්ෂයෙහි දිවයිනෙන්ම පාසල් අභිබවමින් ජාතික ඵලදායිතා තරඟාවලියෙන් දෙවන ස්ථානය දිනාගනිමින් ඌව පළාතටද අභිමානයක් ලබාදුන් පාසලකි.
එසේම පාසලේ ක්‍රීඩා, සා/පෙළ, උ/පෙළ, සංගීත, නැටුම්, චිත්‍ර වැනි සෑම අංශයකින්ම සමස්ථලංකා වැනි ඉහළ තරඟ අංග වලින් ජයග්රහන ලබාගෙන ඇති අභිමානවත් පාසලකි.
මේ වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 200 කට ආසන්නව සහ ගුරුවරුන් 31 දෙනෙකු, අනධ්‍යයන කාර්යය මණ්ඩලය, මුරකරුවන්, ඇතුළු කාර්යය මණ්ඩලය 36 දෙනෙකුගෙන් සමන්විත පාසලේ වර්ථමාන විදුහල්පතිවරයා වශයෙන් සේවය කරන I.D.T.M. කුමාර මහතා 2014 සිට මේ දක්වා පාසල දියුණු කිරීමට ඔහුගේ හිතවතුන්ගේද සහය ලබාගනිමින් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් නොබෝ කලකින් මෙම පාසල මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත්වනු දැකීම පිණිස වෙහෙස වී ක්‍රියා කරනු ලබයි.එය ඔහුගේ ඒකම සහ පාසැල් ප්‍රජාවගේ එකම අභිප්‍රාය වී ඇත.
|