2023 වර්ෂය සඳහා පළමු වසරට සිසුන් ඇතුළත් කර ගැනීම පසු ගිය දින විද්‍යාලයේදී සිදු කෙරුණි. මෙවර ළමුන් 12 දෙනෙකු අප පාසළට අලුතින් ඇතුළත් වූ අතර ඔවුන් විද්‍යාලයේ ගුරු මණ්ඩලය හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සාදරයෙන් පිළිගන්නා ලදී.
පූජ්‍ය හැතැක්මේ ධම්මානන්ද හිමියන්ගේ ආශිර්වාදයෙන්, විදුහල්පතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්, A.M.I.K.අතපත්තු ගුරු මෑණියන්ගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන ඉතා සාර්ථකව සිදු කරන ලදී.